FAST NEWS

24×7 Around the Globe

ඇමති ජෝන් නුවරඑළියේ ජල පෝෂක කලාපයක අක්කර 150 ක් හිතවතුන්ට දීමේ තැතක…!

සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතංග මහතා නුවරඑළිය පට්ටිපොල මාර්ගයේ අඹේවෙල පිහිටි අක්කර 150ක් පමණ වූ ඉඩම් ප‍්‍රමාණයක් දිර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ තම හිතවතුන් සිව් දෙනෙකුට ලබා දෙන ලෙස නුවරඑළිය ප්‍රාදේශීය ඉඩම් නිලධාරීන්ට ලිඛිතව බලපෑම් කරමින් සිටින්නේ යැයි වාර්තා වේ.

කන්දේ ඇල ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට අයත් දැඩි පාරිසරික සංවේදි කලාපයක පිහිටා ඇති මෙම ඉඩම තුළ රසායනික පොහොර භාවිතා නොකර ස්වාභාවික කාබනික පොහොර භාවිතා කරමින් සිදුකරන ගොවිපොළක් ආරම්භ කිරීමට තමන්ට ලබාදෙන ලෙසට ඇන්තනිස් ඇග්රෝ පාම් නම් ආයතනය ජෝන් අමරතුංග මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව අනාවරණය විය.

එසේම එම ඉල්ලීම  ඇග්රෝ පාම් නම් ආයතනය නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පී.පී.ඩී ඇන්තනි හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන අංජන පුෂ්පකමාර සමරසිංහ – ඉන්දික පුෂ්ප කුමාර සමරසිංහ – සුසන්ත නිහාල් යන අය  එම ලිඛිත ඉල්ලිම ජෝන් අමරතංග අමාත්‍යවරයා මගින් නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් වෙත යොමු කර  ඇත.

ෙඑහිදි නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරය අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ දැඩි පාරසරික වටිනා කමින් යුත් කන්දේ ඇල ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට අයත් මෙම ඉඩම නිදහස් කිරීමට නොහැකි බවයි.

මෙම ඉල්ලීම සිදු කරනු ලැබු සිව්දෙනා ආයතනයක කළමණාකාර අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස පෙනි සිටියද ඇන්තනිස් ඇග්රෝ පාම් යන ආයතනය යන නමින් ව්‍යාජ සමාගමක් පවත්වාගෙන යනු ලබන්නේ නුවරඑළියේ සිතා එළියේ පදිංචි ඔවුන්ගේ හිතවතකුගේ ලිපිනයක් යොදා ගනිමින් බවද දැන ගන්නට තිබේ.

එසේම ඔවුන් විසින් මෙම ඉල්ලීම සමග ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තාවද මෙවැනි අක්කර 150 පමණ වු වටිනාකමකින් යුත් ඉඩමක් සම්බන්ධ ව්‍යාපෘතියකට තබා අක්කරයක අර්තාපල් වගාවක් සඳහාවත් යෝග්‍ය නොවන බවද වාර්තා වේ.

තත්වය මෙසේ  තිබයදි අදාළ අමාත්‍යවරයා නුවරඑළිය ප්‍රදේශයෙන් පවා බැහැරව පදිංචිව සිටින තම හිතවතුන් හට මෙම  ඉඩම් කොටස කෙසේ හෝ ලබා දෙන ලෙසට නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරින් වෙත බලපෑම් කරන බවද  වාර්තා වේ.

එසේම මෙකි ඉල්ලුම්කරැවන්ගේ තහවුරැ කිරීම් මත අමාත්‍යවරයා ගෙන එනු ලබන තර්කය වන්නේ මෙම  අදාළ ඉඩමට ඉහලින් හා පහලින් ඇති ඉඩම් කොටස් වෙනත් සමාගම් වෙත සංවර්ධන කටයුත වෙනුවෙන් බදු දි ඇති බැවින් මෙකි ඉඩම පමණක්  කන්දේ ඇල ජලාශයේ ජලපෝෂක ප්‍රදේශයට අයත් දැඩි පාරිසරික සංවේදි කලාපයක පිහිටා සිටින්නේ කෙසේද යන්නයි.

එහෙත් පරිසරවේදින් පෙන්වා දෙනු ලබන්නේ මෙම ප්‍රදේශය  කන්දේ ඇල ජලාශයේ ජලපෝෂක ප්‍රදේශයක් මෙන්ම දැඩි පාරිසරික සංවේදි කලාපයක් වන බවයි.

එසේම පසුගිය රජයන්ද තම හිතවතන්ට මෙම ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 10-15 ගණනින් ව්‍යාපෘති වෙනුවෙන් ලබාදි ඇති බවත් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ලබාගත් ඉඩම් තුළ වර්තමානය වන විට එම ව්‍යාපෘතියට පරිබාහිර පරිසර හිතකාමි නොවන ඉදිකිරීම් පවා සිදු කර ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

තත්වය එසේ තිබියදි අක්කර 150 ක පමණ වපසරියකින් යුත් මෙම ඉඩම් කොටස ආදාළ ව්‍යාපෘතියට  ලබාදීම තුලින් දැඩි පාරිසරික මෙන්ම සමාජීය අර්බුද හට ගනු ඇති බව පැවසේ.

එසේම මේ වන විට විශාල ඉඩම් හිගයක් පවතින එකම ඉඩමක පවුල් දෙක තුනක් පමණ වාසය කරන නුවරඑළිය වැනි පදේශයක රජයේ ඉඩම් අක්කර 150 ක් හතර දෙනෙක වැනි සුලු පිරිසක් වෙත ලබාදිම තුල ඇතිවිය හැකි  සමාජ අසහනය තුල  විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රදේශවාසින් විසින් කටයුතු කෙරෙනු ඇත.

M3130019

 නුවරඑළිය – සම්පත් ජයලාල්