FAST NEWS

24×7 Around the Globe

ලුනු කිලෝවක් සඳහා රු 100 ක ඉල්ලමීන් ගොවීන් විරෝධයේ..

දේශිය  ලොකු ලුනු කිලෝවක් සඳහා  රු 100 ක සහතික මිලක් ලබාදෙන්නැයි ඉල්ලමීන් දඹුල්ල හා එ අවට ගොවින්  දින දෙකක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුහ.

මෙම දිනවල දඹුල්ල ආර්ථීක මධයස්ථානයේ දේශිය ලුනු  කිලෝව රුපියල් 45 සිට  රුපියල් 76 දක්වා අලෙවි වෙයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම විරෝධතාවය සංවිධානය කළේය.

ගොවිහු  නුවර යාපනය ඒ 9 මාර්ගය  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටින් අවහිර කැර පැයකින් පමණ විසිර ගියහ.