FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන සිද්ධියට තවත් 05 ත් අත්අඩංගුවට..

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුව‍ට ගෙන තිබේ.

අවුරුදු 25ත් 30ත් තරුණයින් 5 දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි සඳහන්ය.

එසේම ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට භාවිතා කළ වාහනයද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.

පසුගිය අගෝස්තු මස 21දා රාත්‍රී 9.15ට පමණ 29 හැවිරිදි මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන් නැමැති අංක 21, කොතලාවල ඇවනියු, කොළඹ 4 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවලදී තරුණයින් දෙදෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගන්නා ලදී.