FAST NEWS

24×7 Around the Globe

ජනපති හැකර් සිද්ධියේ සැකරුවන් දෙදෙනාට ඇප..

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි සැකපිට ළමා නිවාසයේ රඳවා සිටි සිසුවා ද වෙබ් අඩවි හැක්  කිරිම ගැන ෆේස් බුක් මගින් උපදෙස් දුන් බව කියන මොරටුවේ ජනිත් මධුෂංක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  අද (2)  නියෝග කළේය.

පාසල් සිසුවාට රුපියල් ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් ද ජනත් මධුෂංකට  රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක්  හා  ලක්ෂ 10 බැගින් ශරිර ඇප 4 ක් නියම විය.