අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් උප කමිටුවක් පත් කර තිබේ.
නීතීඥ සාලිය පීරිස්, චන්දන ජයසුන්දර යන මහත්වරුන්ගේ සභාපතීත්වයෙන් යුත් එම උප කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන බව නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා සඳහන් කළේය.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කරගනු ලැබීය.
එම පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර ඇති බව ජෙෆ්රි අලගරත්නම් මහතා පැවසුවේය.
ඒ අනුව අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනත පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිර්දේශ ද එම වාර්තාවට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියි.