වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව තුළ තහවුරු වී ඇති නිදහස හා ප්‍රජාතන්තුවාදය පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජගත් මහලේකම් බෑන් කී මූන් මහතා ප්‍රකාශ කරයි.
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඒ මහතා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අතර එම අවස්ථාවේදී මහලේකම්වරයා මේ බව පැවසීය.
ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ සියලු පළාත්වලට සාධාරණ සංවර්ධනයක් ලබාදීම වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳවත්, ඉදිරියේදි සිදු කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සහ මහලේකම්වරයා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කොට තිබේ.
එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ පසුගිය වසර එක හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව සියලු ක්ෂේත‍්‍රන්හි ලබා ඇති ප‍්‍රගතිය ප්‍රසංසනීය බවත් මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ලබා දිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවත්ය.
ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා දැනට රජය ගෙන ඇති පියවර පිළිබඳව ද මහ ලේකම්වරයා දැනුවත් කළේය.
එමෙන්ම නැවත පදිංචිකිරීම් සහ පුනරුත්ථාපන කටයුතු, ඉඩම් නිදහස් කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය මාර්ග නඟාසිටුවීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී බෑන් කී මුන් මහතා දැනුවත් කළේය.
තම සංචාරය අතරතුරු ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් එහි තරුණ ප‍්‍රජාව සමග සංවාදයක නිරතවීමට තමාට අවස්ථාව ලැබුනු බවත් මෙහිදී පැවසූ බෑන් කී මුන් මහතා අද ඔවුන් දරන නව ආකල්ප සහ එම ප‍්‍රදේශවල තහවුරු වී ඇති සාමකාමී සමාජය පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බවද ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.
මෙම මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසියේ දී ජාත්‍යන්තරය සමඟ ඇති සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකාව කටයුතු කරනු ඇති බවට තමා ඉතා සුබවාදී අපේක්ෂා තබා ඇති බව ද ජගත් මහ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.