FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාව අයවැයෙන් පසුව බව අගමැති කියයි..

නව ව්‍යවස්ථාව නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරෙන බැව් ඇගමතිවරයා පවසා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමක් පරිදි අගමැතිවරයා සමග යොදා ගත් වේලාවකදී මේ බව සාකච්ඡා කෙරී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

“නොවැම්බර් මාසයේදී නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇති බවත් කඩිමුඩියේ අළුත් ව්‍යවස්ථාව ගෙන එන්න සූදානමක් තිබේද යන්න ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු අගමැතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ‘නොවැම්බරයේ ඉලක්කයකට අපි වැඩ කරන්නේ නෑ. අනිවාර්රයෙන්ම අලුත් ව්‍යවස්ථාව ගේන්න වෙන්නේ අයවැයෙන් පස්සේ’ යනුවෙන් බව වාර්තා වේ.