FAST NEWS

24×7 Around the Globe

FACETS 2016 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ…

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් 26 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Facets Sri Lanka 2016 අද (01) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

මෙම මස 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සදහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වී සිටිති.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා වෙළෙද කුටි නැරඹීමට ද එක් වූ අතර එම කාර්ය මණ්ඩල සමග සුහද කථා බහක ද නිරත විය.

අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.