FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට..

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අවුරුදු 22 හා 23ක සැක කරුවන් දෙදෙනෙකු අත්අඩංගුව‍ට ගෙන ඇති බව පොලීසිය කියයි.

පසුගිය අගෝස්තු මස 21දා රාත්‍රී 9.15ට පමණ 29 හැවිරිදි මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන් නැමැති අංක 21, කොතලාවල ඇවනියු, කොළඹ 4 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණ.

ග්‍රෑන්ඩ්පාස් සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවලදී මොවුන් අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.