FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් ජනපති තනතුරින් ඉවතට..

ව්‍යාජ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධව චෝදනා ලැබූ බ්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් ජනපති තනතුරින් ඉවත් කිරීමට බ්‍රසීල සෙනේට් සභාව තීරණය කර ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කරයි.

ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝශාභියෝගයට සෙනේට් සභිකයන් 61දෙනකු පක්ෂව ඡන්දය දී ඇති අතර 20දෙනකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

මේ තීරණයත් සමඟ බ්‍රසීලයේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස වසර 13ක් සේවය කළ ඇයගේ සේවා කාලය නිමාවට පත්වෙයි.

ඇයට එරෙහිව ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ඩිල්මා මෙය විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයක් බව පවසා ඇත.

බ්‍රසීලයේ නව ජනපති ලෙස උප ජනාධිපතිව සිටි මිචෙල් ටෙමර් දිව්රුම් දීමට නියමිතය.