FAST NEWS

24×7 Around the Globe

බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ගැන බොදු සවියෙන් ජනපතිට ලිපියක්…

පසුගියදා යාපනය – මහනුවර A9 මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ ස්ථාපිත කොට තිබූ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

ඔවුන් එහිදී යහපාලන ආණ්ඩු කාලය තුළ බෞද්ධයන්ට එරෙහිව සිදුවුණා යැයි කියන කාරණා කිහිපයක් ද සඳහන් කොට ඇති අතර ඒ සියළු කාරණා පිළිබඳ සොයා බලා කිලානොච්චි ප්‍රදේශයේ තිබී කඩාබිඳ දැමූ එම බුද්ධ ප්‍රතිමා යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසත් වැරදි සිදුකළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම ලිපිය පහතින්.

14191904_263485244050448_3462340861100007783_n