FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගන් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)

 

කාබුල් නුවර පිහිටි ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවට ප‍්‍රහාරයක් එල්ල වෙමින් තිබෙනවා. රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත ප‍්‍රදේශයෙන් වෙඩි හඬ ශ‍්‍රවනය වී ඇති බවයි. ඝණ දුමාරයක් මැදින් මන්ති‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ සිට කලබලයෙන් ඉවතට පැමිණෙන ආකාරය දැක්වෙන ඡායාරූපද මේ වන විට නිකුත් වී තිබෙනවා.

වෙඩි තැබීම්වලට පෙර පිපිරීමක්ද සිදුව ඇති බවයි ඇෆ්ගන් ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් මෙම පිපිරීම කුමක් නිසා සිදුවූයේ දැයි තවමත් තහවුරු වී නැහැ. කාබුල් නුවර දමසෑන්ග් ප‍්‍රදේශයේද අද උදෑසන තවත් පිපිරීමක් සිදුව තිබෙනවා.

 

– See more at: http://nethfm.com/article/74478#sthash.lG7xHI5G.dpuf

[youtube url=https://www.youtube.com/watch?v=IL4773f1Y0o&feature=youtu.be width=”560″ height=”315″]