FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියානු නායක කිම් නියෝජ්‍ය අධ්‍යාපන ඇමැතිව මරා දමයි..

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දේශනයක්‌ පවත්වන අවස්‌ථාවේ නිදා සිටීමේ චෝදනාව මත එරට නියෝජ්‍ය අධ්‍යාපන ඇමැති රින් යොන් ජින් ගුවන්යානා නාශක අවියක්‌ මඟින් මරාදමා ඇත.

කිම් ජොන් අන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් අමතන අවස්‌ථාවේ රින් යොන් ජින් නිදා සිටින අයුරු දැකීමෙන් උතුරු කොරියානු නායකයා කෝපයට පත්වී තිබේ.

මේ හැර නව කෘෂිකාර්මික පිළිවෙතක්‌ යෝජනා කළ හිටපු කෘෂිකර්ම ඇමැති ග්වැන් මියන් උතුරු කොරියානු නායකයාගේ නියෝග මත වෙඩි තබා මරාදමා ඇත.

මෙයට පෙර උතුරු කොරියානු නායකයා තම මාමාද මරාදමා තිබේ.