බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලේමාන් මහතා ඝාතනය කර ඇත්තේ ඔහුගේ සමීපතමයකු විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන සිදුවී ඇති බවද මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. කප්පම් කල්ලිය සුලේමාන් පැහැරගෙන යැමට තැත් කළ අවස්ථාවේ සිදුවී ඇතැයි කියන පහරදීමකින් ඔහු ඝාතනයට ලක්වී ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
කෝටිපති ව්‍යාපාරිකයාගේ සමීපතමයා සංවිධානාත්මක කණ්ඩායමක් සමඟ එක්ව මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බව හෙළිව තිබේ.
මොවුන් සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් මාවනැල්ල ප්‍රදේශයේ සිරකර තබාගෙන ඔහුගේ පියාගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමටයි.
එහෙත් ව්‍යාපාරිකයා පැහැර ගැනීමට සූදානම් වෙද්දී ඔහු එම කප්පම් කල්ලියේ සාමාජිකයන් සමඟ පොරබදා බේරී යැමට උත්සාහ කර ඇත.
ඒ අවස්ථාවේ කප්පම් කල්ලි සාමාජිකයන් එල්ල කළ පොලු පහරකින් ඔහු මියයන්නට ඇති බවටද පොලිසිය සැක පහළ කරයි.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනකුගේ ඡායාරූප පොලිසිය මගින් මේ වන විට හඳුනාගෙන තිබේ. මොහොමඩ් සුලේමාන් මහතාගේ පියාට දුරකථන ඇමතුමක් දී කෝටි දෙකක කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ මෙම පුද්ගලයන් දෙදෙනා විසින් බවද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අදාළ දුරකථන ඇමතුම ලබාදී තිබුණේ කෑගල්ල නගරයේ දුරකථන කුටියකින් බව හෙළිකරගත් පොලිසිය එම දුරකථන කුටිය පිහිටි ස්ථානය අවට තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් මොවුන් දෙදෙනා හඳුනා ගැනීමට සමත් වී තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.