FAST NEWS

24×7 Around the Globe

රේගු පනත සැකසෙන්නේ හොර රහසේ – පිටපත වෙනස් කරලා..

ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව පැවසෙන රේගු පනතේ පිටපතක් බව පවසමින් රේගු වෘත්තීය සමිති වෙත ලබා දුන් පිටපත රහසේ වෙනස් කර ඇති බව රේගු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෘත්තීය සමිති චෝදනා කරයි.

එයට එරෙහිව නිවේදනයක් නිකුත් කරමින්

ජේ.ඒ. ගුණතිලක, කේ.බී වීරසේකර, එච්.ඞී.එස්.සී ගුණරත්න, ආර්. ලියනාරච්චි වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේ ය.

“රේගු ආඥාපනත අහෝසි කර මුදල් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් ජාවාරම්කරුවන්ගේ උවමනා එපාකම් මත මුදල් අමාත්‍යංශය තුළ හොර රහසේ සකස් කෙරෙමින් තිබූ නව රේගු පනතට වෘත්තීය සමිතිවලින් එල්ල වු බලවත් විරෝධය හමුවේ එහි නිල පිටපතක් අප වෙත ලබා දෙන ලදී.

එහෙත් එම පිටපත පවා මේ වන විට වෙනස් කර ඇති අතර මේ වන තෙක් ඒ පිබඳව වෘත්තීය සමිති දැනුවත් කර නොමැත.

කෙසේ වෙතත් රේගුව සුරැකීමේ සංවිධානය විසින් මුදල් ඇමතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටින ලද අතර සැප්තැම්බර් 01 දින 12.30ට සාකච්ඡාවක් ලබා දී තිබේ.

එම සාකච්ඡාවේදී පැන නගින තත්ත්වය මත රේගුව සුරුකීමේ සංවිධානය ලෙස ඉදිරි කි‍්‍රයාමාර්ග තීරණය කිරීමට අපි බලාරොත්තු වෙමු.” යැයි නිවේදනයේ සඳහන් ය.