FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි 1140 පාඩුවක් කලැයි ගෝඨා සේනාධිපති ඇතුලු 08 දෙනෙකුට නඩු…

2012 – 8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (31) නඩු පැවරීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම නඩුව ගොනු කළ අතර පහත සඳහන් අට දෙනාද මෙම නඩුවට චෝදනා ලබති.

ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ, ජයරත්න පෙරේරා.