FAST NEWS

24×7 Around the Globe

බැන් කී මුන්ට එකාබද්ධ විපක්ෂයෙන් විශේෂ සංදේශයක්…

රජයේ ආරාධනය මත දෙදින නිල සංචාරයක් සඳහා අද (31දා) දින දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා කොළඹදී හමු වී සංදේශයක් බාරදීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව යමින්  මේ වනවිට රටවල් බෙදීමේ වැඩපිළිවෙළක ඔවුන් යෙදෙන බවත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි නොගසන ලෙසත්, ලංකාව  බෙදා වෙන් කිරීමේ  කටයුත්තක නොයෙදෙන ලෙසත් මහලේකම්වරයාගෙන් මෙමගින් ඉල්ලා සිටින බවද පැවසේ.

මෙම සංචාරය  අතරතුර බෑන් කී මූන් මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකු,  දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවීමට නියමිතය.

බෑන් කී මූන් මහතාගේ සංචාරයේ ප්‍රගතිය පිළිබඳ දැනුම්දීම සඳහා සැප්තැම්බර් 02 දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතය.