FAST NEWS

24×7 Around the Globe

ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13 ක් බදු ඉල්ලයි..

ව්‍යාපාරික බදු මුදල් වශයෙන් අයර්ලන්තය ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13 ක් දක්වා වූ මුදලක් අයකරගත යුතු බව යුරෝපා කොමිසම තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථාන කරගත් ඇපල් සමාගමට අයර්ලන්තය විසින් ලබා දී ඇති බදු සහන නීති විරෝධී බවයි තෙවසරක් මුළුල්ලේ පවත්වන ලද පරීක්ෂණයකින් අනතුරුව යුරෝපා කොමිසම තීන්දු කර ඇති බවද පැවසේ.

අනෙක් බොහෝ ව්‍යාපාරවලට වඩා අඩුවෙන් බදු ගෙවීමට අයර්ලන්තය ඇපල් සමාගමට අවසර දීම හේතුවෙන් ඇපල් සමාගම අයර්ලන්තයේදී ගෙවා තිබෙන්නේ සියයට එකක බදු ප්‍රතිශතයක් බවත් එම තීන්දුවේ සඳහන් වේ.

යුරෝපා කොමිසමේ තීන්දුව සමඟ එකඟ නොවන බව ඇපල් සමාගම මෙන්ම අයර්ලන්තයද නිවේදනය කර තිබේ.

එ අනුව එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද ඔවුන් පවසයි.