FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ අනතුරු දෙකින් පුද්ගලයන් තිදෙනෙකු මරුට…

දක්ෂිණ අධිවේගයේ හා කටුනායක අධිවේගයේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව පොලීසිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව අසළදී සිදුවූ අනතුරකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් තුවාල ලබා ඇති බව පැවසේ.

එසේම කටුනායක අධිවගයේ ජා ඇල අන්තර් හුවමාරුවේදී මෝටර් රථයක් විදුලි පහන් කණුවක ගැටී සිදූ වූ අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.