මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාට ලිපියක් යොමු කරමින් ජයලලිතා ජයරාම් පෙන්වා දී ඇත්තේ, ඉන්දියාවේ ධීවරයින් මෙරට නාවික හමුදාව අත්අඩංගුවට ගැනීම අසතුටුදායක කරුණක් බව ය.
එමෙන් ම මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 31 දෙනා හා යාත්‍රා 23 වහා ම නිදහස් කරගන්නා ලෙස ද ප්‍රධාන අමාත්‍යවරිය ඉල්ලීමක් කර තිබේ.
මේ අතර ඊයේ අලුයම අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.







