FAST NEWS

24×7 Around the Globe

ආරච්චිකට්ටුවේ මාරක අනතුරකින් 02 ක් මරුට – 09 ක් රෝහලට..

අද (26) අළුයම හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ යාපනය, තිලිප්පලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් බවද පැවසේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ  ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ වෑන් රථයේ ගමන් ගත පුද්ගලයින් 07 දෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.