FAST NEWS

24×7 Around the Globe

ආහාර විෂ වීමක් නිසා කටුනායක 144 දෙනෙකු රෝහල්ගත කරයි.

 

ආහාර විෂ වීමක් හේතුවෙන් කටුනායක ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවකයින් 144 දෙනෙකු අද දහවල් රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඉන් සේවකයින් 61 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව ය.

උදෑසන ආහාර ගැනීමෙන් පසු මොවුන් රෝගී වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එම සේවකයෝ රාගම, මිනුවන්ගොඩ සහ සීදුව රොහල්වල ප්‍රතිකාර ලබති.

රෝහල්ගත කළ වැඩි දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.