FAST NEWS

24×7 Around the Globe

මහමැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරග වැදීමට එ.ජා.පය තීරණය කරයි.

 

ඉදිරි මහමැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(19) තීරණය කළා.

ඒ පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ කෘත්‍යාකාරී මණ්ඩල රැස්වීමේදී.

එමෙන්ම මහමැතිවරණය සදහා අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා වන නාමයෝජනා මණ්ඩලය පත් කිරීමේ පූර්ණ බලයද පක්ෂ නායකයාට ලබාදීමට මෙහිදී තීරණය කෙරුණා.

ඉදිරි මහමැතිවරණයට පෙර විශේෂපක්ෂ සම්මේලනයක් පැවැත්වීමටද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා.

මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනය, ආණ්ඩුව විසුරුවා හැරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.