FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට අයත් සමාගම් දෙකක අධ්‍යක්‍ෂවරිය රිමාන්ඩ්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් සමාගම් දෙකක අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි නමැත්තිය ලබන 22 වැනිද දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ වැඩ ආවරණ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16 දා) නියෝග කළාය.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිය නිල බලය භාවිත කරමින් අයථා අන්දමින් රුපියල් මිලියන 45 ක්‌ උපයා ගැනීමේ සිද්ධියේ සැකකාරියක ලෙස නිත්‍යා සේනානි නමැත්තිය නම් කොට තිබිණි.