FAST NEWS

24×7 Around the Globe

රජයට රුපියල් කෝටි 88කට අධික පාඩුවක් කලැයි වාස්ට නඩු..

මිල ගණන් කැඳවීමකින් තොරව මිහින් ලංකා සමාගමට බිම් මෙහෙයුම් යන්ත්‍ර ගෙන්වා රජයට රුපියල් කෝටි 88කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (16දා)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලන සමය තුළදී මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් ඔහු මෙම පාඩුව රජයට කර ඇතැයි අල්ලස් කොමිසම ගොනු කළ නඩුවේ වෙයි.

ලබන 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට සිතාසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.