FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් යානයක් උඩු ගුවනේදී වායු අවපාතයකට හසුවේ.

 

මගීන් 193 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 564 දරණ ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී හදිසියේම ඇති වූ වායු අවපාතයකට මැදිව කාර්‍ය මණ්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධ තත්වයකට පත්ව ඉන් හතර දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්ථාවෙයි.

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාල ගුවන්යානය ගුවන්ගතව ශ්‍රී ලංකා ගුවන් අවකාශයට පැමිණීමෙන් අනතුරුව වායු අවපාතයට මැදිව ඇති බවයි.

මේ අවස්ථාව වන විට ගුවන්යානයේ මගීන් 193 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළ බවත් වායු අවපාතයට මැදිව යානය ගැස්සීම නිසා කාර්ය මන්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධායන්ට පත්ව ඇති බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත් අදාල ගුවන්යානය අද අළුයම 5.21 ට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව ආබාධයන්ට ලක්වු කාර්යමන්ඩල නිලධරියින් ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ප්‍රථකාර ලබා පිටව ගොස් ඇති අතර ඉතිරි සිව් දෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කර ඇත.

දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කාර්‍ය මණ්ඩලය එම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම නිසා මගීන් කිසිවෙකුට සුළුු තුවාලයක් හෝ කම්පන තත්වයක් සිදු වී නැති බවයි.