FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් මුසම්මිල්ට දරුවන් ගැන සලකා ඇප දෙයි…

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව අද (10) ඇප මත මුදා හරීන් ලැබීය.

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළේය.

ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිතයෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.