FAST NEWS

24×7 Around the Globe

පා.ම ජෝන්ස්ටන්ට සහල් වංචාවක් සම්බන්ධයෙන් FCID යට…

පසුගිය රජය සමයේ කැබිනට් අනුමැතියකින් තොරව මෙරටට සහල් තොගයක් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු අමාත්‍ය වත්මන් පා.ම ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(10) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

2014 වසරේදී කැබිනට් අනුමැතියකින් තොරව සහල් මෙක්ට්‍රික් ටොන් 60,000ක් ලංකා සතොසට ගෙන්වීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවසුවේ මේවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි.