FAST NEWS

24×7 Around the Globe

සෝමවංශ අමරසිංහගේ නව පක්ෂයේ මංගල සමුළුව සුදානම්.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹෙන නව පක්ෂයේ මංගල සමුළුව ජුනි 27 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් සාමාජිකයන් ඇතැමෙකුද මෙම මංගල සමුළුව සඳහා සහභාගී වීමට නියමිත බවයි.

තමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමත් සමග මෑත කාලයේ විවිධ අවස්ථාවල තමන් හා ඒකාබද්ධව කටයුතු කළ ඇතැම් පාර්ශ්වද පක්ෂ සමුළුවට සහභාගී වීමට නියමිත යැයි සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.

පක්ෂයේ නම කුමක්ද යන්න සමුළුව පවත්වා පක්ෂ සාමාජිකයන් එය අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බවත්, එහිදී පක්ෂයේ අරමුණු, ඉදිරි වැඩ සඳහා කෙරෙන යෝජනා සහ වෙනත් විශේෂ කරුණු එළිදැක්වෙන බවත් අමරසිංහ මහතා වැඩිදුරටත් කීය.