FAST NEWS

24×7 Around the Globe

වත්මන් රජය යලි ගෙදර යවන බව අසාද් සාලි පවසයි.

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සුලු පක්‍ෂවලට අවස්ථාවක් නොලැබුනහොත් වත්මන් රජය යලි ගෙදර යවන බව කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි පවසයි.

බලය බෙදා එක්සත් වීමේ ව්‍යාපාරය අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කලේය.

එහිදී තවදුරටත් අදහස් දැන් වු ඔහු පැවසුවේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක සභාවේ දී ඊට විසදුම් නොලැබුනහොත් සුලු ජාතික පක්‍ෂ ඍජු තීරණයකට එලඹෙන බවයි.

ඒ සම්බන්දයෙන් වන විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග පැවැත්වෙන බව ද ඔහු අවධාරණය කළා.