FAST NEWS

24×7 Around the Globe

බොරලැස්ගමුව වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට…

අද (03) උදෑසන බොරලැස්ගමුව, කටුවාවල පන්සල අසළදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු බව සඳහන් වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.