FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාව බලා පිටත්ව යයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග  මෙම සංචාරය සඳහා 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වීම අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

ලෝක ඉස්ලාම් ආර්ථික සංසඳය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගී වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

හෙට(02) සිට ලබන 04 වැනිදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 100ක් නියෝජනය කරමින් නියෝජිතයින් 2500ක පමණ පිරිසක් සහභාගී  වීමට නියමිතය.

සමුළුවේ ආරම්භක සැසිවාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිත අතර සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද  සැළසුම් කර තිබේ.