FAST NEWS

24×7 Around the Globe

හයිඩ් පිටිය දක්වා ගමන් කොට එතනදී තීන්දුවක් ගන්නවා…

පාද යාත්‍රාව හයිඩ් පිටිය දක්වා ගමන් කොට එතනදී තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පැය 100ක් දින 4ක් තිස්සේ පැමිණි මෙම පාද යාත්‍රව ඓතිහාසික පාගමනක් බව හෙතෙම කියා සිටියේ අද (01) දවසේ පාගමනට එක්ව සිටිමින් මාධ්‍යට අදහස් දක්වමිනි.

දින 4ට පැය 100ට මේ ආණ්ඩුව කෙතරම් බියවී ඇත්දැයි කරන ප්‍රකාශ හා ගන්නා ක්‍රියා මාර්ගවලින් පැහැදිලිවන බවත්,ඉදිරි පැය කිහිපය තුළ කුමන බලපෑමක් එල්ලවනු ඇත්දැයි කිව නොහැකි බවත් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ මරාදමමින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ජනතාව මත අධික බදු බර පැටවීමට එරෙහිව මෙම සටන ආරම්භ කළ බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.