FAST NEWS

24×7 Around the Globe

මාලබේ වෛද්‍ය සිසුහු වීදී බසිති..

පවතින ගැටලූකාරී තත්ත්වයන්ට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සහ මව්පියන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

අද (01) පෙරවරුවේ වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් ගමන් කළහ.

එහිදී පවතින ගැටලූකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ඔවුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ලිපියක් භාරදීමට ඔවුන් පියවර ගනු ලැබීය.

පසුව සිසුන් සහ මව්පියන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වාද නැවතත් පා ගමනින් ගමන් කළහ.