FAST NEWS

24×7 Around the Globe

කැබිනට් අමාත්‍යංශ 3 කට නව ලේකම්වරු පත් වෙති…

කැබිනට් අමාත්‍යංශ 3ක් වන විදේශ කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය සහ තැපැල් අමාත්‍යංශය සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙන අතර ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගෙන් සිය පත්වීම් ලිපි ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශලේ ලේකම්වරයා ලෙස ඇසළ වීරකෝන්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස ජෙ.ජේ රත්නසිරි සහ තැපැල් අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතා පත්කර ඇතැයි සඳහන්ය.