FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂ යළි රිමාන්ඩ් – ඇප පස්සට දමයි

රුපියල් කෝටි තුනකට අධික රජයේ මුදල් පසුගිය ජනපතිවරණ සමයේදී එවකට ජනපති වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණය වෙනුවෙන් යොදා ගැනිමේ චෝදනා යටතේ රිමාන්ඩ් ගත කර ඇති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් ලබන 8දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.

එසේම තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණය ඇප අයැදුමක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් යොමු කළ අතර එම ඇප අයැදුම්පත ලබන සඳුදා විභාගයට ගන්නා බවත් ඒ සඳහා විරෝධතා ඇත්නම් සිකුරාදාට පෙර දැනුම් දෙන ලෙසත් මහාධිකරණය විසින් නියෝග කර සිටියේය.