FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ ලැබේ…

රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ ලබාදීමේ යෝජනා ක්‍රමය සංශෝධන සහිතව යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මේ යටතේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරුන් නීතිඥවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සහනදායි මෝටර් රථ බලපත්‍රයකට හිමිකම් ලැබේ.

මේ සඳහා වන චක්‍ර‍ලේඛයක්ද මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ වසර හයක් සේවය කර ඇති නිලධාරීන්ට වාහන බලපත්‍රය ලබාගත හැකිය.

ඇමෙරිකානු ඩොලර් තිස් දහසක වටිනාකමකින් යුත් වාහනයක් ආනයනය කළ හැකි අතර ඒ සඳහා ගෙවිය යුතු මුළු බදු මුදලින් සියයට පනහක බදු සහනයක් හිමිවේ.