FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරයි…

විවිධ දේශපාලන පක්ෂ විසින් පාගමන් සහ සාමාජික ප්‍රවර්ධන කටයුතු සූදානම් කර ඇති අතර එකී ක්‍රියාකාරකම් වළක්වාලමින් මහනුවර සහ මාවනැල්ල අධිකරණ විසින් තීන්දු කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇතැම් දේශපාලන පාර්ශවයන් විසින් මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කර ඇති පාගමන් සහ වෙනත් දේශපාලන ක්‍රියාකාරකම් නිසා කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි වෙතැයි තමා වෙත තොරතුරු වාර්තා වී ඇති බැවින් එවැනි කටයුතුවල නිරත නොවී සිටින ලෙස පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මෙම දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ අය විසින් කලහකාරී ක්‍රියා ඇති කිරීමට ඉඩ ඇති බැවින් මහජනතාව මේ පිළිබඳ ව විමසිල්ලෙන් සිටින ලෙස ද ඒ මහතා දැනුම් දී ඇත.

ඒ අනුව එකී නියෝග නොතකා ක්‍රියාකාරන සියලු දෙනාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාකරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් නිවේදනය කරයි.