FAST NEWS

24×7 Around the Globe

තුර්කියේ මාධ්‍ය ආයතන 79 ක් තහනම් කෙරේ….

හමුදා කුමන්ත්‍රණයට සහය දුන් බවට චෝදනා කරමින් එරට මාධ්‍ය ආයතන 79 ක් වසා දැමීමට තුර්කි රජය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුවත්පත් ආයතන 45 ක්, රූපවාහිනී ආයතන 15 ක්, සඟරා 15 ක් සහ පුවත් නියෝජිත ආයතන 3 ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති පැවසේ.

මේ අතර පසුගිය ජූලි 15 වනදා සිදු වූ මෙම අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සහය දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන් 1700 ක් නිදහස් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම ජෙනරාල් නිලයන් සහ අද්මිරාල් නිල දැරූ හමුදා නිලධාරීන් 149 දෙනෙකුද නිදහස් කර ඇති බව පැවසේ.