FAST NEWS

24×7 Around the Globe

CID ය තිස්ස අත්තනායකට එරෙහි පියවර ගන්න නීතිපති උපදෙස් පතයි…

පසුගිය ජනාධිපතිවරණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන කූට ලේඛනයක් සකස් කළ බවට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින හිටපු

හිටපු  තිස්ස අත්තනායක මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාගැනීමට උද්ධෘත නීතිපතිවරයා වෙත යවා ඇති බව රහස් පොලිසිය ඊයේ (27දා) කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දන්වා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණය පැවැති සමයේ මොහු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද්‍රවිඩ සන්ධානය සමඟ අස්සන් කරන ලද ගිවිසුමක් ලෙස ලේඛනයක් පෙන්වා ඇත.

එම ලේඛනයේ සඳහන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සන ව්‍යාජ ලෙස යොදාගෙන ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබිණි.