FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ පාගමන ගැටඹෙන් අරඹනවා…

පළමු වතාවට රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාදී තිබෙන බවත් මෙය අධිකරණයේ ස්වාධීනත්වය තහවුරුවන එක් අවස්ථාවක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (27) පස්වරුවේ මාධ්‍යය හමුවේ මහනුවරදී පැවැසීය.

එසේම අද (27) අධිකරණය ලබා නියෝගයට ගරු කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාගමන මහනුවර නගර සීමාවෙන් පිටත ගැටඹේ විහාරස්ථානයෙන් ආරම්භකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම අධිකරණ තීන්දුව අද (27දා) පස්වරු 7.00 වනවිටත් තමන්ට දැනගන්නට නොලැබුණු බවත් ලැබුනු දැනගැනීම් අනුව මහනුවර  නගර සීමාවෙන් පිටත පෙළපාලිය පැවැත්වීමට අවසර ඇති බවත් මහින්ද රාඡපක්ෂ මහතා සඳහන් කළේය.

අධිකරණ තීන්දුව පොලීසිය මගින් වැරදිලෙස හුවා දක්වමින් පාගමන තහනම්කර තිබෙන බවට ප්‍රචාරයක් ගෙන යන බවද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවැසිය.