වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන මෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
නීතිවේදියෙකු වන අරුණ ලක්සිරි විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් නම් කොට ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව තිස් දෙනකුට අධික සාමාජිකයින් සහිත අමාත්‍ය මණ්ඩලයක් පත් කළ හැක්කේ ‘ජාතික ආණ්ඩුවක්’ බලයේ පවතින අවස්ථාවක පමණක් බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරුණු ලබන සියලු පක්ෂ ඇතුළත් කොට ස්ථාපිත කරන රජයක් පමණක් බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ස්ථාපිත කල රජයක් ජාතික ආණ්ඩුවක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව පවසන පෙත්සම්කරු කියා සිටින්නේ ජාතික රජයක් නොවන වත්මන් ආණ්ඩුවට සාමාජිකයින් තිස් දෙනෙකු අභිබවා ගිය අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි.
ඒ අනුව සාමාජිකයින් තිහකට අධික වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැණි බවට තීන්දුවක් ලබා දෙන මෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
අදාළ පෙත්සම සැප්තැම්බර් මස 22 වෙනි දින සලකා බලන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.