FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවාව සඳහා ඩොලර් මිලියන 318ක ණයට කැබිනට් අනුමැතිය.

ඉන්දියානු අගමැතිතුමා විසින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී මෙරට දුම්රිය සේවය වැඩිදියුණු කිරිම සඳහා  ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත.

ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ඉන්දියානු අපනයන – ආනයන බැංකුව (EXIM Bank of India)සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

රටෙහි උතුරු හා දකුණු ප්‍රදේශ අතර කාර්යක්ෂම භාණ්ඩ හා මගී ප්‍රවාහනයක් සුරක්ෂිත කරමින් ආර්ථික ක්‍රියාකාරකම් දිරි ගැන්වීම සඳහා මහව සිට අනුරාධපුරය දක්වාද, අනුරාධපුරයේ සිට ඕමන්තෙයි දක්වාද වන දුම්රිය මාර්ග සංඥා පද්ධතියද වැඩිදියුණු කරමින් පුනරුත්ථාපනය කිරීම සඳහාද මෙම මුදල් යෙදවීමට අපේක්ෂිත කෙරේ

එමෙන්ම වායු සමීකරණය කරන ලද මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල ඒකක 06ක්, එන්ජින් 10ක්, තෙල් ප්‍රවාහනය කරනු ලබන ටැංකි සහිත වැගන් 30ක්, කන්ටේනර් රැගෙන යන වැගන් 20ක් සහ දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම සඳහාත් මෙම ණය මුදල යොදා ගැනීමටද අපේක්ෂා කෙරේ.