FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති පාගමන අවහිර කිරීමෙන් වළකින්න..

මහනුවර සිට කොළඹ දක්වා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කොට ඇති පාගමන සඳහා අවහිර කිරීමෙන් වළකින ලෙස කැෆේ සංවිධානය ‘යහපාලන රජයේ ප්‍ර‍ධාන හවුල්කාර පක්ෂ‘ වෙතින් ඉල්ලීමක් කරයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහනුරව සිට කොළඹ දක්වා වන විරෝධතා පාගමන පැවැත්වීමට නියමිත මාර්ගයේ ස්ථාන කිහිපයකම වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් විවිධ කටයුතු හදිසියේ සංවිධානය කොට ඇති බවයි.

එම නිවේදනය පහතින්,

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත පාගමනට අවහිර එපා

මහනුවර සිට කොළඹ දක්වා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කොට ඇති පාගමන සඳහා අවහිර කිරීමෙන් වළකින ලෙසත්, සංවිධානාත්මක ලෙස බලය පෙන්වීමෙන් වළකින ලෙසත් කැෆේ සංවිධානය ‘යහපාලන රජයේ ප්‍ර‍ධාන හවුල්කාර පක්ෂ‘ වෙතින් ඉල්ලීමක් කරයි.

මහනුරව සිට කොළඹ දක්වා වන විරෝධතා පාගමන පැවැත්වීමට නියමිත මාර්ගයේ ස්ථාන කිහිපයකම වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් විවිධ කටයුතු හදිසියේ සංවිධානය කොට ඇත.  පිට්ටනි වෙන් කොට ගෙන ඇති අතර පාක්ෂිකයින්ට මහනුවර, මාවනැල්ල සහ නිට්ටඹුව යන ස්ථාන වෙත එක් රැස්වන ලෙස ඉල්ලීම් කොට ඇත.  යම් කණ්ඩායම් විරෝධතා පාගමනක නිරත වන අවස්ථාවේ දී එයට බාධා එල්ල කිරීමට ගැටුම් ඇතිවීම සදහා හේතුවක් වනු ඇත්තේය.

පසුගිය පාලන සමයේ දී දේශපාලන ක්‍රියකාරීන් පමණක් නොව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ලෙස අප ද සාමකාමී උද්ඝෝෂණයක් හෝ පැවැත්වීමට නොහැකිව පීඩාවකට ලක් වුනෙමු.  සාමකාමී විරෝධතාවයක් සඳහා වන අවස්ථාව අහිමි කිරීම, කඩාකප්පල් කිරීම ශිෂ්ට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජ ව්‍යවහාරයක් නොවන්නේය.  ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක දේශපාලන මතවාද දැරීමට මෙන්ම ඒ සඳහා ජනතාව ගොනු කිරීම සදහා ද අයිතිවාසිකමක් පුරවැසියන්ට තිබේ.

එම අයිතිය උල්ලංඝණය නොවන ලෙස කටයුතු කිරිම විශේෂයෙන්ම යහපාලන සංකල්පය අනුව කටයුතු කරන බව කියන දේශපාලනඥයින්ගේ වගකීමක් වන්නේය.  පසුගිය රජය සමයේ සිදු වූ අමිහිරි කටයුතු අත් දැකීම් කිසිදු සාමකාමී විරෝධයකට නැවත මුහුණදීමට සිදු නොවන පරිසරයක් ගොඩ නැගීම වත්මන් රජයට සම්බන්ධ සියලු පාර්ශවයන් ගේ වගකීම වේ.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය