FAST NEWS

24×7 Around the Globe

හදිසි ගිලන් රථ සේවාව හෙට සිට ඇරඹේ…

ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය ඒකාබද්ධව ආරම්භ කරනු ලබන හදිසි ගිලන් රථ සේවාව හෙට(28දා) කොළඹ ගෝල්ෆේස් පිටිය අසලින් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සේවාව  ලබාගැනීම සඳහා ‘1990’ කෙටි දුරකතන අංකය ගාස්තු රහිත ඇමතුම් අංකයක් ලෙස ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇත.

ඒ අනුව ප්‍රථම අවස්ථාවේ දී ජුලි 29දා සිට දකුණු පළාතේ ගාල්ල, හම්බන්තොට හා මාතර දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් මෙම සේවාව ආරම්භ කරන අතර දෙවැනි අදියර යටතේ ලබන අගෝස්තු මාසයේ සිට බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලට දීර්ඝ කරනු ලැබේ.

මෙම සේවාව ආරම්භ වීමත් සමඟ හදිසි අනතුරුකදී මෙන් ම, හදිසි අවස්ථාවකදී සහන ගිලන් රථ සේවාව නොමිලේ ලබාගත හැකිය. මෙම සේවාව සඳහා වෘත්තීය සේවාවන් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකාවෙනි.