FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ උපකාරක පංති තහනම්..

අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා වු උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අගොස්තු 27 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇත.

මීට අමතරව උපකාරක පංති සංවිධානය කිරීම, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදාහැරීම මෙන්ම ඒ බව දන්වා පෝස්ටර්, බැනර් අත් පත්‍රිකා මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ඒවා ප්‍රසිද්ධ කිරීම තහනම් බව ද  එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කිසියම් ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මගින් අදාළ නියෝග නොසලකා ක්‍රියා කරන්නේ නම් ඔවුන් හට, ප්‍රසිද්ධ විභාග පනත යටතේ දඩුවම් ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.