FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මහා මාර්ගයක්.

 

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මහා මාර්ගයක් ඇතිකර දෙරට අතර ප්‍රවාහන කටයුතු නව මානයකට යොමු කිරීම සඳහා ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

ඉන්දියාවේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය නිටින් ගොඩ්කරි මේ බව ඊයේ සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පෝල්ක් සමුද්‍ර සන්ධිය හරහා මෙම මාර්ගය ඉදිකිරීමට යෝජිත අතර මුහුදු පතුලෙන් ගමන්ගන්නා බිංගෙයක් මෙන්ම විශාල පාලම් යොදා ගනිමින් මාර්ගය ඉදිකිරීමට යෝජිතය.

රාමේෂ්වරම්හි, ධනුෂ්කෝඩි සිට තලෙයිමන්නාරමට කිලෝමීටර් 29ක දුරකින් යුක්තව මෙම මාර්ගය ඉදිකිරීමට යෝජිතය.