මොහාන් පීරිස් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය තීරණය කර තිබේ.
හිටපු අගවිනිසුරුවයා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන බවට අල්ලස් කොමිසම දැනුම්දීමෙන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය එම තීරණය ගෙන ඇත.
හිටපු අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිවැරදි පරීක්ෂණයක් කරන බවත්, ඒ අනූව ඔහුට එරෙහි පෙත්සම ලබන ජූලි මස 27 වැනිදා ඉවත් කර ගන්නා බවත්, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද උසාවියේදී පවසා ඇතැයි අප වාර්තාකරු කීවේය.







