FAST NEWS

24×7 Around the Globe

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරයි.

 

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඊයේ රාත්‍රියේ ගැසට් කෙරිණි.

රජයේ මුද්‍රණාලය පැවසුවේ, ගැසට් අතිරේකයක් ලෙස එය පළ කරන බව ය.

එහි ඉංග්‍රීසි පිටපත ඊයේ රාත්‍රියේ මුද්‍රණය කිරීම අවසන් කළ අතර සිංහල හා දමිල පිටපත් මුද්‍රණය කිරීම අද අලුයම ආරම්භ කෙරුණු බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සමන්විත නව මැතිවරණ ක්‍රමයකට අමාත්‍ය මණ්ඩලය පසුගියදා එකඟතාව පළ කළේ ය.

එම සංශෝධනයෙන් මනාප ඡන්ද ක්‍රමය ‍අහෝසි වී යන අතර සමානුපාතික හා කේවල ක්‍රමවලට අනුව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙනු ඇති.