ඉර අව්වට හසු වීම නිසා සම පිළිස්සීම විශේෂයෙන්ම කාන්තාවන්ට විශාල ගැටළුවක්.
ප්‍රංශ සමාගමක් විසින් මේ සඳහා පිළිතුරක් ලෙස විශේෂ බිකිණියක් නිර්මාණය කළා.
මෙහි විශේෂත්වය වන්නේ මෙයට සම්බන්ධ කරන ලද විශේෂ උෂ්ණත්ව සංවේදක උපකරණයයි.
මුලින්ම ඔබේ සමේ වර්ගය ඔබේ Smart Phone එකේ App එකට ලබා දිය යුතුයි. එවිට ඒ හා සම්බන්ධ වන බිකිනිය තුල අඩංගු කරන ලද සංවේදක උපාංගය මගින් ඔබ ඉර අව්වේ සිටිය යුතු වෙලාව සහ නිරාවරණය වන හිරු රස ප්‍රමාණය තීරණය කරනවා.
එසේ ඔබ වැඩි ඉර එළියකට නිරාවරණය වෙනවා නම් ඔබේ දුරකථනය මගින් ඔබට ඒ බව දැනුම් දෙනවා.
ඉතින් විවිධ ආලේපන වර්ග සොයමින් ඉර එලියට බය වෙලා ඉන්න ඔබට තවත් අවශ්‍ය වන්නේ නැහැ.








